Skip links

විශේෂඥ වෛද්‍ය කාංචනමාලා රණසිංහ

ආචාර්ය කාන්චනමාලා රණසිංහ විවිධ ඉසව්වල කුසලතා හිමි විවිධ ක්ෂේත්‍රයන්හි විශිෂ්ට ජයග්‍රහණ ලබා සිටින්නියකි. 

ඇය කලාකාරිනියකි. වෛද්‍යවරයෙකි. සංගීතය සහ කලාව කෙරෙහි මහත්සේ ආදරය කරන ඇය ගීත වීඩියෝ රාශියක් සඳහා රංගනයෙන්ද දායක වී ඇති අතර එවැනි නිර්මාණ කීපයක් නිෂ්පාදනයද කර ඇත. සංගීතය, නාට්‍යය, වෛද්‍ය විද්‍යාව සහ ක්‍රීඩා ආදී සියලු ක්ෂේත්‍රයන්හි විශිෂ්ට ජයග්‍රහණ ලබා සිටින්නියකි ඇගේ ආත්මීය හඬින් සහ හුරුබුහුටි වේදිකා රංගන කුසලතාවයෙන් ඇය ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගෙන ඇත. ඇය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නාට්‍යවල හා උසස් ගීත නිර්මාණ හා සංගීත ඉසව්වල ඇය රංගන ප්‍රතිභාව දක්වා ඇති අතර ඇය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නාට්‍යවල හා උසස් ගීත නිර්මාණ හා සංගීත ඉසව්වල රංගන ප්‍රතිභාව දක්වා ඇති අතර ශ්‍රී ලාංකීය සංගීතය හා නාට්‍ය සංරක්ෂණය හා උද්දීපනය සඳහා ඇය සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

කලාවෙන් ඔබ්බට සුවිශේෂ වෘත්තියන්වල නියැලෙන ඇය විශේෂඥ වෛද්‍යවරියක්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳව ජාත්‍යන්තර පර්යේශිකාවක් ලෙස කටයුතු කරන අතර ඕස්ට්‍රේලියාවේ Griffith විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස ඊළඟ පරපුරට තම දැනුම දායාද කිරීමේ භාරදුර කර්තව්‍යයේ  නියැලී සිටි.

ඇය දක්ෂ මේසපන්දු ක්‍රීඩිකාවක්ද වන අතර ඇගේ බහුවිධ අංශවල හැකියාව හා ඒවාට ඇති සජීවී උද්යෝගය නිසා ඇය සුවිශේෂී මානව සම්පතකි සම්පතකි. කලාව, විද්‍යාව  සහ ක්‍රීඩා යන සියල්ල ආසාවෙන් හා කැපවීමෙන් සමතුලිත කිරීමට ආචාර්ය රණසිංහට ඇති අසාමාන්‍ය හැකියාව ඇයව සැබවින්ම අපූර්ව සහ ආදර්ශමත් පුද්ගලයෙකු බවට පත්කර ඇත.

කාන්චිගේ කලාත්මක ප්‍රවණතාව වේදිකාවේදී විශේෂයෙන් කැපී පෙනේ. ඇය සංකේතාත්මක ඔපෙරා විලාසිතාවේ අතිශයින් ජන ජනාදරයට පත් නාට්‍යයක් වන සිංහබාහු හි සුප්පා දේවිය  ලෙස ළඟ පාමින් රංග කලාවේ පවුලේ උරමය සුරකිමින් සිටින්නීය.

Join the Conversation

For inquiries, bookings, or collaborations, please reach out to

kanchi@kanchanamalaranasinghe.com
Explore
Drag